Read Surah At-Tur (الطور) in Sinhala — chapter 52 of the Quran, all 49 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 49 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    52:1

    وَٱلطُّورِ 1

    තූර් කන්ද මත දිවුරමින්;

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 52:2

    وَكِتَـٰبٍ مَّسْطُورٍ 2

    ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 52:3

    فِى رَقٍّ مَّنشُورٍ 3

    දිගු හරින ලද ලේඛණයෙහි;

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 52:4

    وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ 4

    බයිතුල් මඃමූර් මත දිවුරමින්;

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 52:5

    وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ 5

    ඉහළට ඔස වන ලද වියන මත දිවුරමින්;

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 52:6

    وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ 6

    ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 52:7

    إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ 7

    නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදු වන්නක්ම ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 52:8

    مَّا لَهُۥ مِن دَافِعٍ 8

    එය වළක්වන කිසිවෙකු නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 52:9

    يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا 9

    එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  10. 52:10

    وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا 10

    තවද කඳු දරුණු ලෙස විතැන් වෙමින් පවතී.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  11. 52:11

    فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ 11

    බොරු කළවුනට එදින විනාශයයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  12. 52:12

    ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ 12

    ඔවුහු වනාහි (පුහු කටයුතුවල) නිරතව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  13. 52:13

    يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا 13

    එදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  14. 52:14

    هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ 14

    “නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  15. 52:15

    أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ 15

    මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නො දකින්නෙහු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  16. 52:16

    ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ 16

    නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නො ඉවසුව ද නුඹලාට එක සමාන ය. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  17. 52:17

    إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَعِيمٍ 17

    නියත වශයෙන් ම බිය බැතිමත්හු (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම්හි සිටින්නෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  18. 52:18

    فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ 18

    ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු වන්නන් ලෙස සිටින්නෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  19. 52:19

    كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ 19

    නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු. (යැයි පවසනු ලැබේ.)

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  20. 52:20

    مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ 20

    පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  21. 52:21

    وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ 21

    තවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතුව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමඟ එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නො කරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  22. 52:22

    وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ 22

    තවද ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  23. 52:23

    يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ 23

    ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  24. 52:24

    ۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ 24

    තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන් ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  25. 52:25

    وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ 25

    ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  26. 52:26

    قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ 26

    “මීට පෙර නියත වශයෙන් ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  27. 52:27

    فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ 27

    “එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේ ය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේ ය.”

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  28. 52:28

    إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ 28

    “නියත වශයෙන් ම අපි පෙර සිට ම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන් ම ඔහු මය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  29. 52:29

    فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ 29

    එහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නො වේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  30. 52:30

    أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ 30

    “එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  31. 52:31

    قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ 31

    “නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  32. 52:32

    أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ 32

    එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  33. 52:33

    أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ 33

    එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නො කරති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  34. 52:34

    فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ 34

    ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  35. 52:35

    أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ 35

    එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  36. 52:36

    أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ 36

    එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  37. 52:37

    أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ 37

    එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  38. 52:38

    أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ 38

    නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත් ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  39. 52:39

    أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ 39

    එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වී ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  40. 52:40

    أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ 40

    එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  41. 52:41

    أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ 41

    එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  42. 52:42

    أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ 42

    එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  43. 52:43

    أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ 43

    එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොරව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  44. 52:44

    وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ 44

    තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  45. 52:45

    فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ 45

    එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  46. 52:46

    يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ 46

    එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු උදව් කරනු නො ලබති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  47. 52:47

    وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ 47

    තවද නියත වශයෙන් ම අපරාධ කළවුන්ට ඒ හැර තවත් දඬුවමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  48. 52:48

    وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ 48

    තවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන් ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේ ය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  49. 52:49

    وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ 49

    තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK
Surah At-Tur (52) — Quran Sinhala Translation & Audio