Read Surah Taha (طه) in Sinhala — chapter 20 of the Quran, all 135 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 135 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    20:1

    طه 1

    තාහා.[1]

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 20:2

    مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ 2

    නුඹ අපහසුතාවයට පත් වනු පිණිස අපි නුඹ වෙත අල්-කුර්ආනය පහළ නො කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 20:3

    إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَىٰ 3

    බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නො කළෙමු).

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 20:4

    تَنزِيلًا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَـٰوَٰتِ ٱلْعُلَى 4

    (මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 20:5

    ٱلرَّحْمَـٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ 5

    මහා කරුණාන්විතයාණෝ (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 20:6

    لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ 6

    අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 20:7

    وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى 7

    තවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින් ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන් ම ඔහු දනී.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 20:8

    ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ 8

    අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 20:9

    وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ 9

    තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  10. 20:10

    إِذْ رَءَا نَارًا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًى 10

    ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න අසලින් මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  11. 20:11

    فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَـٰمُوسَىٰٓ 11

    ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා! යැයි අමතනු ලැබී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  12. 20:12

    إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى 12

    නියත වශයෙන් ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන් ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි ය’.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  13. 20:13

    وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ 13

    තවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  14. 20:14

    إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ 14

    නියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  15. 20:15

    إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ 15

    නියත වශයෙන් ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකට ම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  16. 20:16

    فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ 16

    එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නො කර තම ආශාවන් අනුගමනය කළ අය නුඹව එයින් නො වැළැක්විය යුතු ය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහි ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  17. 20:17

    وَمَا تِلْكَ بِيَمِينِكَ يَـٰمُوسَىٰ 17

    තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  18. 20:18

    قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ 18

    ‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමඟින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  19. 20:19

    قَالَ أَلْقِهَا يَـٰمُوسَىٰ 19

    ‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  20. 20:20

    فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌ تَسْعَىٰ 20

    එවිට ඔහු එය බිම හෙළී ය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  21. 20:21

    قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ 21

    නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නො වනු. එහි මුල් ස්වභාවයට ම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  22. 20:22

    وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ 22

    තවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොරව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  23. 20:23

    لِنُرِيَكَ مِنْ ءَايَـٰتِنَا ٱلْكُبْرَى 23

    (එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිස ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  24. 20:24

    ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ 24

    නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  25. 20:25

    قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى 25

    (එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  26. 20:26

    وَيَسِّرْ لِىٓ أَمْرِى 26

    තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  27. 20:27

    وَٱحْلُلْ عُقْدَةً مِّن لِّسَانِى 27

    තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  28. 20:28

    يَفْقَهُوا۟ قَوْلِى 28

    මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  29. 20:29

    وَٱجْعَل لِّى وَزِيرًا مِّنْ أَهْلِى 29

    තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  30. 20:30

    هَـٰرُونَ أَخِى 30

    මාගේ සහෝදර හාරූන් ව..

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  31. 20:31

    ٱشْدُدْ بِهِۦٓ أَزْرِى 31

    ඔහු මඟින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  32. 20:32

    وَأَشْرِكْهُ فِىٓ أَمْرِى 32

    තවද මාගේ කරුණෙහි ඔහුව ද හවුල් කරවනු මැනව!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  33. 20:33

    كَىْ نُسَبِّحَكَ كَثِيرًا 33

    අධිකව අපි නුඹව පිවිතුරු කිරීම සඳහා.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  34. 20:34

    وَنَذْكُرَكَ كَثِيرًا 34

    තවද අධිකව අපි නුඹව මෙනෙහි කිරීම සඳහා.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  35. 20:35

    إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا 35

    නියත වශයෙන් ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකුව සිටියෙහි ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  36. 20:36

    قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَـٰمُوسَىٰ 36

    අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  37. 20:37

    وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ 37

    තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින් ම උපකාර කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  38. 20:38

    إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ 38

    (නුඹ ගැන) හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  39. 20:39

    أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّى وَعَدُوٌّ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ 39

    පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසුව ගඟහි එය දමනු. ගඟ ඔහුව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද (අහෝ මූසා!) මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිස ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  40. 20:40

    إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ ۖ فَرَجَعْنَـٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَـٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّـٰكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَـٰمُوسَىٰ 40

    නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්න දැ? යි’ ඇය පැවසුවා ය. පසුව අපි ඇය දුක් නො වනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහි ය. පසුව එම පීඩනයෙන් අපි නුඹව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මඟින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහි ය. පසුව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහි ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  41. 20:41

    وَٱصْطَنَعْتُكَ لِنَفْسِى 41

    තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹව සූදානම් කළෙමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  42. 20:42

    ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَـٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى 42

    නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමඟ පිටත්ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නො වනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  43. 20:43

    ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ 43

    නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  44. 20:44

    فَقُولَا لَهُۥ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ 44

    එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමඟ කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  45. 20:45

    قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ 45

    අපගේ පරමාධිපතියාණනි! ඔහු අප වෙත හිංසා කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන් ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  46. 20:46

    قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ 46

    නුඹලා දෙදෙනා බිය නො වනු. නියත වශයෙන් ම මම නුඹලා දෙදෙනා සමඟ සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි යැයි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  47. 20:47

    فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَـٰكَ بِـَٔايَةٍ مِّن رَّبِّكَ ۖ وَٱلسَّلَـٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ 47

    එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නො කරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමඟ සැබැවින් ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  48. 20:48

    إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ 48

    නියත වශයෙන් ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින් ම අප වෙත දේව පණිවිඩ දෙන ලදි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  49. 20:49

    قَالَ فَمَن رَّبُّكُمَا يَـٰمُوسَىٰ 49

    අහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  50. 20:50

    قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ 50

    අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකට ම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේ ය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  51. 20:51

    قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ 51

    එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක් දැ?යි ඔහු විමසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  52. 20:52

    قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَـٰبٍ ۖ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى 52

    ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේ ය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  53. 20:53

    ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّن نَّبَاتٍ شَتَّىٰ 53

    ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේ ය. තවද අහසින් ජලය පතිත කර එමඟින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  54. 20:54

    كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَـٰمَكُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ 54

    නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුන්හට සංඥාවන් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  55. 20:55

    ۞ مِنْهَا خَلَقْنَـٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ 55

    (මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  56. 20:56

    وَلَقَدْ أَرَيْنَـٰهُ ءَايَـٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ 56

    සැබැවින් ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  57. 20:57

    قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَـٰمُوسَىٰ 57

    අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මඟින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහි දැ? යි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  58. 20:58

    فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًا سُوًى 58

    එසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නො වන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  59. 20:59

    قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًى 59

    නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  60. 20:60

    فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ 60

    එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසුව පැමිණියේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  61. 20:61

    قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًا فَيُسْحِتَكُم بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ 61

    නුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නො ගොතනු. එවිට ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින් ම පරාජයට පත්ව ඇත යැයි මූසා ඔවුනට පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  62. 20:62

    فَتَنَـٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ 62

    පසුව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝ ය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  63. 20:63

    قَالُوٓا۟ إِنْ هَـٰذَٰنِ لَسَـٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ 63

    නියත වශයෙන් ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මඟින් නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  64. 20:64

    فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّا ۚ وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ 64

    එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසුව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින් ම ජය ලබනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  65. 20:65

    قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ 65

    අහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැ? යි ඔවුහු පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  66. 20:66

    قَالَ بَلْ أَلْقُوا۟ ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ 66

    ‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේ ය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  67. 20:67

    فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةً مُّوسَىٰ 67

    එවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  68. 20:68

    قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ 68

    නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  69. 20:69

    وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ ۖ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَـٰحِرٍ ۖ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ 69

    තවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නො ලබනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  70. 20:70

    فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَـٰرُونَ وَمُوسَىٰ 70

    එවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපතිව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  71. 20:71

    قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ 71

    මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැ? යි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  72. 20:72

    قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَـٰتِ وَٱلَّذِى فَطَرَنَا ۖ فَٱقْضِ مَآ أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِى هَـٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ 72

    අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නො ගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  73. 20:73

    إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَـٰيَـٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ ۗ وَٱللَّهُ خَيْرٌ وَأَبْقَىٰٓ 73

    නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදිවලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. වඩාත් ස්ථායී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  74. 20:74

    إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ 74

    නියත වශයෙන් ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  75. 20:75

    وَمَن يَأْتِهِۦ مُؤْمِنًا قَدْ عَمِلَ ٱلصَّـٰلِحَـٰتِ فَأُو۟لَـٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَـٰتُ ٱلْعُلَىٰ 75

    කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  76. 20:76

    جَنَّـٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ 76

    යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  77. 20:77

    وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًا فِى ٱلْبَحْرِ يَبَسًا لَّا تَخَـٰفُ دَرَكًا وَلَا تَخْشَىٰ 77

    තවද නුඹ මාගේ ගැත්තන් සමඟ රාත්‍රියෙහි පිටත්ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නො වනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නො වනු යැයි සැබැවින් ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  78. 20:78

    فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ 78

    එවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමඟ ඔවුන්ව ලුහු බැන්දේ ය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන්ව වසා ගත්තේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  79. 20:79

    وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ 79

    තවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේ ය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  80. 20:80

    يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَـٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَـٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ 80

    අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලාව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  81. 20:81

    كُلُوا۟ مِن طَيِّبَـٰتِ مَا رَزَقْنَـٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى ۖ وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ 81

    අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින් ම ඔහු විනාශ වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  82. 20:82

    وَإِنِّى لَغَفَّارٌ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا ثُمَّ ٱهْتَدَىٰ 82

    තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  83. 20:83

    ۞ وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَـٰمُوسَىٰ 83

    තවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී (තනිව පැමිණී) මට නුඹව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  84. 20:84

    قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ 84

    ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  85. 20:85

    قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ 85

    සැබැවින් ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන්ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  86. 20:86

    فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَـٰنَ أَسِفًا ۚ قَالَ يَـٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى 86

    එවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතුව කනස්සල්ලෙන් නැවත හැරී ආවේ ය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නො කළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධව කටයුතු කළෙහු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  87. 20:87

    قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَـٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَـٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ 87

    අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නො වූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පට වන ලදි. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේ ම සාමිරී ද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  88. 20:88

    فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ فَقَالُوا۟ هَـٰذَآ إِلَـٰهُكُمْ وَإِلَـٰهُ مُوسَىٰ فَنَسِىَ 88

    පසුව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේ ය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියා ය. මූසාගේ ද දෙවියා ය. එහෙත් ඔහුට (එය) අමතක වී ඇතැයි ඔවුහු පැවසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  89. 20:89

    أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا 89

    ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නො දක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බවද ඔවුහු නො දුටුවෝ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  90. 20:90

    وَلَقَدْ قَالَ لَهُمْ هَـٰرُونُ مِن قَبْلُ يَـٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَـٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى 90

    තවද මීට පෙර හාරූන් මාගේ ජනයිනි! මෙමඟින් නුඹලා අර්බුදයකට පත්ව ඇත. තවද නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණික ය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  91. 20:91

    قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَـٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ 91

    මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නො වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  92. 20:92

    قَالَ يَـٰهَـٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟ 92

    (මූසා,හාරූන් අමතා) අහෝ හාරූන්! ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹව වැළැක්වූයේ කුමක් දැ? යි විමසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  93. 20:93

    أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِى 93

    නුඹ මා අනුගමනය නො කරන්නෙහි ද? නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  94. 20:94

    قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ ۖ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى 94

    අහෝ මාගේ මවගේ පුතණුවනි! මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නො අල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහි ය. නුඹ මාගේ වචනය (පැමිණෙන තෙක්) බලා පොරොත්තු නො වූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින් ම මම බිය වූයෙමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  95. 20:95

    قَالَ فَمَا خَطْبُكَ يَـٰسَـٰمِرِىُّ 95

    අහෝ සාමිරී! එසේ නම් නුඹේ දෙසුම කුමක් දැ? යි ඔහු (මූසා) විමසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  96. 20:96

    قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى 96

    ඔවුන් කවර කරුණක් නො දුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසුව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  97. 20:97

    قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُۥ ۖ وَٱنظُرْ إِلَىٰٓ إِلَـٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا 97

    "එහෙයින් නුඹ පිටත්ව යනු. මට ළං නො වනු යැයි පැවසීම නුඹට මෙලොව ජීවිතයේ හිමි වනු ඇත. තවද කිසිවිටක වෙනස් කළ නොහැකි ප්‍රතිඥාවක් ද නුඹ සතු වනු ඇත. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසුව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු යැයි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  98. 20:98

    إِنَّمَآ إِلَـٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًا 98

    නුඹලාගේ දෙවියා අල්ලාහ් ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්ත විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  99. 20:99

    كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ ءَاتَيْنَـٰكَ مِن لَّدُنَّا ذِكْرًا 99

    (මුහම්මද්) සැබැවින් ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙස ය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින් ම පිරිනමා ඇත්තෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  100. 20:100

    مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَـٰمَةِ وِزْرًا 100

    කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  101. 20:101

    خَـٰلِدِينَ فِيهِ ۖ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ حِمْلًا 101

    එහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  102. 20:102

    يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا 102

    එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිතව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  103. 20:103

    يَتَخَـٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا 103

    (එදින) නුඹලා දින දහයක් හැර රැඳී නො සිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  104. 20:104

    نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا 104

    නුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නො සිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  105. 20:105

    وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًا 105

    තවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පා වී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  106. 20:106

    فَيَذَرُهَا قَاعًا صَفْصَفًا 106

    පසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  107. 20:107

    لَّا تَرَىٰ فِيهَا عِوَجًا وَلَآ أَمْتًا 107

    කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නො දකිනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  108. 20:108

    يَوْمَئِذٍ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ ۖ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَـٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا 108

    එදින ඔවුහු නිවේදකයාව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නො වේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නො දෙනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  109. 20:109

    يَوْمَئِذٍ لَّا تَنفَعُ ٱلشَّفَـٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًا 109

    මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහුව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නො වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  110. 20:110

    يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًا 110

    ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. එහෙත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නො ගනිති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  111. 20:111

    ۞ وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا 111

    තවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  112. 20:112

    وَمَن يَعْمَلْ مِنَ ٱلصَّـٰلِحَـٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا 112

    කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකුව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නො වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  113. 20:113

    وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ قُرْءَانًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا 113

    තවද එලෙස ම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  114. 20:114

    فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ ۖ وَقُل رَّبِّ زِدْنِى عِلْمًا 114

    සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නො වනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  115. 20:115

    وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًا 115

    තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේ ය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නො දුටුවෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  116. 20:116

    وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ 116

    තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝ ය. එහෙත් ඔහු පිටුපෑවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  117. 20:117

    فَقُلْنَا يَـٰٓـَٔادَمُ إِنَّ هَـٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ 117

    එවිට අහෝ ආදම්! නියත වශයෙන් ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරා ය. එහෙයින් නුඹලා දෙදෙනාව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතු ය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  118. 20:118

    إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ 118

    නියත වශයෙන් ම නුඹ එහි කුසගින්නෙන් නො සිටින අතර තවද නිරුවතින් ද නො සිටිනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  119. 20:119

    وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ 119

    තවද නියත වශයෙන් ම එහි නුඹ පිපාසිත නො සිටින අතර හිරු රශ්මියෙන් නො පෙළෙනු ද ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  120. 20:120

    فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَـٰنُ قَالَ يَـٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَىٰ 120

    ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේ ය. අහෝ ආදම්! සදා ජීවත් කර වන ගසක් හා විනාශ වී නො යන රාජධානියක් පිළිබඳව මම නුඹට දන්වන්නෙමි දැ? යි විමසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  121. 20:121

    فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ 121

    එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝ ය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළවලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝ ය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේ ය. එහෙයින් ඔහු නොමග ගියේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  122. 20:122

    ثُمَّ ٱجْتَبَـٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ 122

    පසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේ ය. තවද මග පෙන්වී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  123. 20:123

    قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ 123

    නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරු ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නො යනු ඇත. තවද අභාග්‍යවන්ත නො වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  124. 20:124

    وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَعْمَىٰ 124

    තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහුව නැවත නැගිටුවන්නෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  125. 20:125

    قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًا 125

    මාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  126. 20:126

    قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَـٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ 126

    එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහි ය. එලෙස ම අද දින නුඹව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  127. 20:127

    وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَـٰتِ رَبِّهِۦ ۚ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ 127

    තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නො කොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය. තවද මතුලොව දඬුවම ඉතා දරුණු ය. තවද වඩාත් ස්ථායී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  128. 20:128

    أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَـٰكِنِهِمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ 128

    ඔවුනට ඔහු මග පෙන්වීම් නො කළේ ද? ඔවුනට පෙර තම වාසස්ථානවල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  129. 20:129

    وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُّسَمًّى 129

    නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නො වූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  130. 20:130

    فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ 130

    එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හි ද සුවිශුද්ධ කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  131. 20:131

    وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ 131

    තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නො කරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨ ය. තවද වඩාත් ස්ථායී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  132. 20:132

    وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْـَٔلُكَ رِزْقًا ۖ نَّحْنُ نَرْزُقُكَ ۗ وَٱلْعَـٰقِبَةُ لِلتَّقْوَىٰ 132

    තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නො ඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපම ය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයට ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  133. 20:133

    وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍ مِّن رَّبِّهِۦٓ ۚ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ 133

    තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනැවිත් තිබිය යුතු නො වේ ද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නො පැමිණියේ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  134. 20:134

    وَلَوْ أَنَّآ أَهْلَكْنَـٰهُم بِعَذَابٍ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ ءَايَـٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ 134

    තවද මීට පෙර යම් දඬුවමකින් සැබැවින් ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි! අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නො වේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  135. 20:135

    قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا۟ ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَـٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ 135

    සියලු දෙනා බලාපොරොත්තු වන්නන් ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන් දැ? යි ද යහ මග ගියවුන් කවුරුන් දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK