Surah 27
النمل
An-Naml — Sinhala Translation
The Ant
Read Surah An-Naml (النمل) in Sinhala — chapter 27 of the Quran, all 93 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
27:1طسٓ ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْقُرْءَانِ وَكِتَابٍ مُّبِينٍ 1
තා, සීන්.[1] මේවා අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන් ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:2
هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ 2
දේවත්වය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:3
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ 3
ඔවුන් වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. zසකාත් ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහු ම ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:4
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَـٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ 4
නියත වශයෙන් ම මතුලොව පිළිබඳ විශ්වාස නො කරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) මුලාවෙහි සිටින්නෝ වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:5
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَهُمْ سُوٓءُ ٱلْعَذَابِ وَهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ 5
නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහු ම ය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහු ම ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:6
وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ 6
තවද (නබිවරය,) සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන් ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහි ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:7
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِۦٓ إِنِّىٓ ءَانَسْتُ نَارًا سَـَٔاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ ءَاتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ 7
නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:8
فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ 8
එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබී ය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:9
يَـٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ 9
(එවිට) අහෝ මූසා! නියත වශයෙන් ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:10
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَـٰمُوسَىٰ لَا تَخَفْ إِنِّى لَا يَخَافُ لَدَىَّ ٱلْمُرْسَلُونَ 10
තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ නලියමින් සිටිනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේ ය. තවද ඔහු නැවත හැරී නො බැලුවේ ය. අහෝ මූසා! නුඹ බිය නො වනු. නියත වශයෙන් ම මම වනාහි, මා ඉදිරියේ ධර්ම දූතයෝ බිය නො වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:11
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًۢا بَعْدَ سُوٓءٍ فَإِنِّى غَفُورٌ رَّحِيمٌ 11
එහෙත් අපරාධයක් සිදු කොට අනතුරුව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:12
وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ۖ فِى تِسْعِ ءَايَـٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ 12
තවද නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:13
فَلَمَّا جَآءَتْهُمْ ءَايَـٰتُنَا مُبْصِرَةً قَالُوا۟ هَـٰذَا سِحْرٌ مُّبِينٌ 13
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි මායාවක් යැයි ඔවුහු පැවසූහ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:14
وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُفْسِدِينَ 14
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතුව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අවධානයෙන් බලනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:15
وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَـٰنَ عِلْمًا ۖ وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ 15
තවද සැබැවින් ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතරින් දේවත්වය විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:16
وَوَرِثَ سُلَيْمَـٰنُ دَاوُۥدَ ۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَىْءٍ ۖ إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَضْلُ ٱلْمُبِينُ 16
තවද සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේ ය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබී ය. තවද සෑම දෙයකින් ම අපට පිරිනමනු ලැබී ය. නියත වශයෙන් ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:17
وَحُشِرَ لِسُلَيْمَـٰنَ جُنُودُهُۥ مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ وَٱلطَّيْرِ فَهُمْ يُوزَعُونَ 17
සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් වර්ගයාගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදි. පසුව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:18
حَتَّىٰٓ إِذَآ أَتَوْا۟ عَلَىٰ وَادِ ٱلنَّمْلِ قَالَتْ نَمْلَةٌ يَـٰٓأَيُّهَا ٱلنَّمْلُ ٱدْخُلُوا۟ مَسَـٰكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَـٰنُ وَجُنُودُهُۥ وَهُمْ لَا يَشْعُرُونَ 18
කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත්ව නුඹලා පාගා නො දැමිය යුතු යැයි කුහුඹුවක් කීවා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:19
فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَـٰلِحًا تَرْضَىٰهُ وَأَدْخِلْنِى بِرَحْمَتِكَ فِى عِبَادِكَ ٱلصَّـٰلِحِينَ 19
උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:20
وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ 20
තවද ඔහු (සුලෙයිමාන්) පක්ෂීන්ව නිරීක්ෂණය කළේ ය. හුද් හුද් කුරුල්ලා මා නො දකිනුයේ ඇයි? නැතහොත් ඌ නො පැමිණියවුන් අතරින් වී දැ? යි ඔහු පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:21
لَأُعَذِّبَنَّهُۥ عَذَابًا شَدِيدًا أَوْ لَأَا۟ذْبَحَنَّهُۥٓ أَوْ لَيَأْتِيَنِّى بِسُلْطَـٰنٍ مُّبِينٍ 21
මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:22
فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِۦ وَجِئْتُكَ مِن سَبَإٍۭ بِنَبَإٍ يَقِينٍ 22
නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නො කළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමඟ නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:23
إِنِّى وَجَدتُّ ٱمْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَىْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ 23
නියත වශයෙන් ම ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:24
وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ 24
තවද ඇය හා ඇයගේ ජනයා අල්ලාහ් හැර දමා හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නො ලබති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:25
أَلَّا يَسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى يُخْرِجُ ٱلْخَبْءَ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ 25
අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් කළ යුතු නො වේ ද? තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු දනියි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:26
ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ۩ 26
අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන් ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:27
۞ قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ ٱلْكَـٰذِبِينَ 27
නුඹ සත්‍යය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතරින් වූයෙහි දැ? යි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:28
ٱذْهَب بِّكِتَـٰبِى هَـٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَٱنظُرْ مَاذَا يَرْجِعُونَ 28
නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් එය ඔවුන් වෙත දමා පසුව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැ? යි නුඹ අධීක්ෂණය කරනු (යැයි පැවසීය).
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:29
قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ إِنِّىٓ أُلْقِىَ إِلَىَّ كِتَـٰبٌ كَرِيمٌ 29
අහෝ ප්‍රධානියනි! නියත වශයෙන් ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:30
إِنَّهُۥ مِن سُلَيْمَـٰنَ وَإِنَّهُۥ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ 30
නියත වශයෙන් ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන් ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:31
أَلَّا تَعْلُوا۟ عَلَىَّ وَأْتُونِى مُسْلِمِينَ 31
නුඹලා මට එරෙහිව අහංකාර නො වනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:32
قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَفْتُونِى فِىٓ أَمْرِى مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ 32
අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා පැමිණ සාක්ෂි දරන තෙක් මම කිසිදු කරුණක් තීන්දු කරන්නියක් නො වූයෙමි යැයි ඇය පැවසුවා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:33
قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍ وَأُو۟لُوا۟ بَأْسٍ شَدِيدٍ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ 33
අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙත ය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැ? යි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසුවෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:34
قَالَتْ إِنَّ ٱلْمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوٓا۟ أَعِزَّةَ أَهْلِهَآ أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ 34
නියත වශයෙන් ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ යැයි ඇය පැවසුවා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:35
وَإِنِّى مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ 35
තවද නියත වශයෙන් ම මම ඔවුන් වෙත ත්‍යාග එවන්නෙක්මි. එමෙන් ම එම දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැ? යි බලා සිටින්නෙක්මි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:36
فَلَمَّا جَآءَ سُلَيْمَـٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيْرٌ مِّمَّآ ءَاتَىٰكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ 36
එවිට සුලෙයිමාන් වෙත ඔහු (දූතයා) පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම් ය. එහෙත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳව සතුටු වන්නෙහුය යැයි (සුලෙයිමාන්) පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:37
ٱرْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَآ أَذِلَّةً وَهُمْ صَـٰغِرُونَ 37
නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින් ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට පත් කරමින් පහත් වූවන් ලෙසින් අපි ඔවුන් එයින් පිටුවහල් කරන්නෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:38
قَالَ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَيُّكُمْ يَأْتِينِى بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِى مُسْلِمِينَ 38
අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැ? යි ඔහු (සුලෙයිමාන්) විමසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:39
قَالَ عِفْرِيتٌ مِّنَ ٱلْجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّى عَلَيْهِ لَقَوِىٌّ أَمِينٌ 39
ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන් ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතරින් බලවතෙක් පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:40
قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌ مِّنَ ٱلْكِتَـٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَـٰذَا مِن فَضْلِ رَبِّى لِيَبْلُوَنِىٓ ءَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّى غَنِىٌّ كَرِيمٌ 40
ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසී ය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි "මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැ? යි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි" යැයි (සුලෙයිමාන්) පැවසී ය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන් ම ය. තවද කවරෙකු ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන් ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:41
قَالَ نَكِّرُوا۟ لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِىٓ أَمْ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهْتَدُونَ 41
ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදිව හඳුනා ගන්නී ද එසේ නැතහොත් හඳුනා නො ගන්නවුන් අතරින් වන්නී දැ? යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:42
فَلَمَّا جَآءَتْ قِيلَ أَهَـٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُۥ هُوَ ۚ وَأُوتِينَا ٱلْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ 42
පසුව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැ? යි විමසනු ලැබී ය. ඇය නියත වශයෙන් ම මෙය එය වගේ මය යැයි (රැජිණ) පැවසුවා ය. තවද ඇයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් වූයෙමු (යැයි සුලෙයිමාන් පැවසීය).
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:43
وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ ٱللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَـٰفِرِينَ 43
අල්ලාහ් හැර දමා ඇය නමදිමින් සිටි දෑ ඇයව වැළැක් වීය. නියත වශයෙන් ම ඇය දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයා අතරින් කෙනෙකු විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:44
قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُۥ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَـٰنَ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ 44
ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබී ය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවා ය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තා ය. නියත වශයෙන් ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය. මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමඟ සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:45
وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ 45
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින් ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:46
قَالَ يَـٰقَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ 46
මාගේ ජනයිනි! යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නො වේ දැ? යි ඔහු පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:47
قَالُوا۟ ٱطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَـٰٓئِرُكُمْ عِندَ ٱللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ 47
නුඹ හා නුඹ සමඟ වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් අබියස ඇත. එහෙත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:48
وَكَانَ فِى ٱلْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ 48
තවද මහපොළොවේ කලහකම් කරන එමෙන් ම විධිමත් නො කරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:49
قَالُوا۟ تَقَاسَمُوا۟ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهْلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِۦ وَإِنَّا لَصَـٰدِقُونَ 49
නියත වශයෙන් ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ විනාශ කර දමමු. පසුව ඔහුගේ පවුලේ විනාශය අපි නො දුටුවෙමු. නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු වෙමු යැයි ඔහුගේ භාරකාර අයට පවසන්නෙමු යැයි අල්ලාහ් මත දිවුරා ඔවුහු පැවසුවෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:50
وَمَكَرُوا۟ مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ 50
ඔවුහු දැඩි කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝ ය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:51
فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَـٰهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ 51
ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැ? යි ඔබ මැනවින් බලනු. නියත වශයෙන් ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:52
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةًۢ بِمَا ظَلَمُوٓا۟ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَعْلَمُونَ 52
ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන් ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:53
وَأَنجَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ 53
තවද දේවත්වය විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:54
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَـٰحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ 54
තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම අශීලාචාර දෑ වෙත පැමිණෙන්නෙහු දැ? යි විමසූ අවස්ථාව සිහිපත් කරනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:55
أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةً مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ 55
කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතුව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? එසේය, නුඹලා අඥාන පිරිසකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:56
۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوٓا۟ ءَالَ لُوطٍ مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ 56
නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන් ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නො වීය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:57
فَأَنجَيْنَـٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَـٰهَا مِنَ ٱلْغَـٰبِرِينَ 57
එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතර පත් වීමට අපි සැළසුම් කළෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:58
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ 58
තවද අපි ඔවුන් වෙත (ගල්) වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන් මත පතිත වූ වර්ෂාව නපුරු විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:59
قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَـٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ ۗ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ 59
(නබිවරය!) නුඹ පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:60
أَمَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُوا۟ شَجَرَهَآ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ 60
(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමඟින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:61
أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَـٰلَهَآ أَنْهَـٰرًا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ 61
එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කර ඒ අතර ගංගාවන් ඇති කර එහි කඳු ද ඇති කර මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:62
أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ 62
එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා (උතුම්) ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ සුළු වශයෙනි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:63
أَمَّن يَهْدِيكُمْ فِى ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَن يُرْسِلُ ٱلرِّيَـٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦٓ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ تَعَـٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ 63
එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා (උතුම්) ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවන්නා (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතර ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:64
أَمَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ 64
එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසුව යළි (ප්‍රාණය දී) ගෙන එන්නා (උතුම්) ද? තවද අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙන්නා (උතුම්) ද? අල්ලාහ් සමඟ තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:65
قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ 65
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්‍යමාන දෑ නො දනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදා දැ? යි ද ඔවුහු නො දනිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:66
بَلِ ٱدَّٰرَكَ عِلْمُهُمْ فِى ٱلْـَٔاخِرَةِ ۚ بَلْ هُمْ فِى شَكٍّ مِّنْهَا ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ 66
එසේ නොව මතු ලොව පිළිබඳ ඔුවන්ගේ දැනුම පටු විය. එහෙත් ඔවුන් ඒ ගැන සැකයෙහි ය. එහෙත් ඔවුහු ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙන්නෝ වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:67
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَءِذَا كُنَّا تُرَٰبًا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخْرَجُونَ 67
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත්ව සිටියදී නියත වශයෙන් ම අපි බැහැර කරනු ලබන්නෝ වෙමි දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:68
لَقَدْ وُعِدْنَا هَـٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ 68
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනකක් නො වීය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:69
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُجْرِمِينَ 69
මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:70
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ 70
තවද ඔවුන් කෙරෙහි ඔබ දුක් නො වනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණය හේතුවෙන් ඔබ පීඩනයට පත් නො වනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:71
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ 71
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි ඔවුහු විමසති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:72
قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ ٱلَّذِى تَسْتَعْجِلُونَ 72
නුඹලා ඉක්මනින් පතන දැයින් කොටසක් නුඹලාට ළඟා වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:73
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ 73
තවද නියත වශයෙන් ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලී ය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:74
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ 74
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම ඔබේ පරමාධිපති දනී.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:75
وَمَا مِنْ غَآئِبَةٍ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ 75
තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස නැත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:76
إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَقُصُّ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَكْثَرَ ٱلَّذِى هُمْ فِيهِ يَخْتَلِفُونَ 76
කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන් ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:77
وَإِنَّهُۥ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ 77
තවද නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දේවත්වය විශ්වාස කරන්නන්හට දයාවකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:78
إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُم بِحُكْمِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ 78
නියත වශයෙන් ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහු මය සර්ව ඥානී සර්ව බලධාරී.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:79
فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۖ إِنَّكَ عَلَى ٱلْحَقِّ ٱلْمُبِينِ 79
එහෙයින් ඔබ අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන් ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහි ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:80
إِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ 80
නියත වශයෙන් ම නුඹට මළවුන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන්ට ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැකි ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:81
وَمَآ أَنتَ بِهَـٰدِى ٱلْعُمْىِ عَن ضَلَـٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَـٰتِنَا فَهُم مُّسْلِمُونَ 81
තවද අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. නුඹට සවන් වැකෙන්නට සැළැස්විය හැක්කේ අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් ලෙස සිටියවුන්ට පමණි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:82
۞ وَإِذَا وَقَعَ ٱلْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ ٱلْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ ٱلنَّاسَ كَانُوا۟ بِـَٔايَـٰتِنَا لَا يُوقِنُونَ 82
තවද ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ විට ‘නියත වශයෙන් ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නො කරමින් සිටියහ’ යැයි ඔවුන් සමඟ කතා කරන සත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:83
وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِـَٔايَـٰتِنَا فَهُمْ يُوزَعُونَ 83
තවද සෑම සමූහයකින් ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනයේ ඔවුහු පෙළ ගස්වා තබනු ලබති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:84
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبْتُم بِـَٔايَـٰتِى وَلَمْ تُحِيطُوا۟ بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ 84
ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නො තිබිය දී නුඹලා එය බොරු කළෙහු ද? එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක් දැ? යි ඔහු විමසයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:85
وَوَقَعَ ٱلْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا۟ فَهُمْ لَا يَنطِقُونَ 85
තවද ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය නියම වනු ඇත. එවිට ඔවුහු (කිසිවක්) කතා නො කරති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:86
أَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا ٱلَّيْلَ لِيَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ 86
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රිය හා පෙනෙන්නක් ලෙස දහවල නියත වශයෙන් ම අපි ඇති කළ බව ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:87
وَيَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَفَزِعَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَٰخِرِينَ 87
තවද හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත යටහත් වන්නන් ලෙසින් පැමිණෙනු ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:88
وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ 88
තවද ඔබ ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහි ය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකට ම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:89
مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ ءَامِنُونَ 89
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:90
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِى ٱلنَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ 90
තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑට හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද? (යැයි පවසනු ලැබේ.)
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:91
إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَـٰذِهِ ٱلْبَلْدَةِ ٱلَّذِى حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَىْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ 91
නියත වශයෙන් ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමදුම් කිරීමට ය. තවද සියලු දෑ ඔහු සතු ය. තවද මම (අල්ලාහ්ට) අවනත වන්නන්ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:92
وَأَنْ أَتْلُوَا۟ ٱلْقُرْءَانَ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلْمُنذِرِينَ 92
තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන් ම මම අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 27:93
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ ءَايَـٰتِهِۦ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ 93
සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නො වේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
