Surah 39
الزمر
Az-Zumar — Sinhala Translation
The Troops
Read Surah Az-Zumar (الزمر) in Sinhala — chapter 39 of the Quran, all 75 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
39:1تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ 1
(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:2
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًا لَّهُ ٱلدِّينَ 2
නියත වශයෙන් ම අපි ඔබ වෙත ධර්ම ග්‍රන්ථය සත්‍යයෙන් යුතුව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:3
أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَـٰذِبٌ كَفَّارٌ 3
දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතු ය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නො කළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන් ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් මහා බොරුකාර දැඩි සේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාහට මග නො පෙන්වයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:4
لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ 4
අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු ම වන දැයින් ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරු ය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ් ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:5
خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّـٰرُ 5
සත්‍යයෙන් යුතුව අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේ ය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේ ය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේ ය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු! ඔහු මය සර්ව බලධාරී අතික්ෂමාශීලීය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:6
خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَـٰمِ ثَمَـٰنِيَةَ أَزْوَٰجٍ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ خَلْقًا مِّنۢ بَعْدِ خَلْقٍ فِى ظُلُمَـٰتٍ ثَلَـٰثٍ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ 6
එක ම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේ ය. පසුව එයින් එහි සහකාරිය ඇති කළේ ය. තවද ගොවිපළ සතුන්ගෙන් යුගල වර්ග අටක් නුඹලාට පහළ කළේ ය. මැවීමකින් පසු මැවීමක් ලෙසින් තුන් ආකාර අන්ධකාරයන් තුළ නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්හි ඔහු නුඹලා මැව්වේ ය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:7
إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ 7
නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාව නොමැත්තා ය. තම ගැත්තන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නො කරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නො උසුලනු ඇත. පසුව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත ය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව මැනවින් දන්නා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:8
۞ وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةً مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ 8
තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසුව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ ප්‍රතික්ෂේපය සමඟ ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන් ම ඔබ නිරාවාසීන් අතරිනි” යැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:9
أَمَّنْ هُوَ قَـٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًا وَقَآئِمًا يَحْذَرُ ٱلْـَٔاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ 9
මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේ දී) සුජූද් කරන්නකු ලෙස හා නැගිට සිටින්නෙකු ලෙස ගැතිකම් කිරීමට අවදිව සිටින්නා, (එසේ නො කරන පාපියකු මෙන්) ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැ? යි (නබි මුහම්මද්) නුඹ විමසනු. (මෙමඟින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:10
قُلْ يَـٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّـٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ 10
අහෝ විශ්වාස කළාවූ මාගේ යහපත් ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපත ය. අල්ලාහ්ගේ භූමිය විශාල ය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:11
قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًا لَّهُ ٱلدِّينَ 11
“නියත වශයෙන් ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:12
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ 12
තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:13
قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ 13
“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:14
قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُۥ دِينِى 14
“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:15
فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ 15
එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය!) “නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය” යැයි නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:16
لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَـٰعِبَادِ فَٱتَّقُونِ 16
ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:17
وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّـٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ 17
නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන්හට ඔබ සුබාරංචි දන්වනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:18
ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ 18
ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහු ම ය. තවද ඔවුහු මය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:19
أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ 19
(නබිවරය!) කවුරුන් කෙරෙහි දඬුවම පිළිබඳ වදන නියම වූයේ ද ගින්නෙහි සිටින ඔහුව ඔබ ආරක්ෂා කරන්නෙක් වන්නෙහි ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:20
لَـٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ 20
එහෙත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද තවත් මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නො කරයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:21
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَلَكَهُۥ يَنَـٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُۥ حُطَـٰمًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ 21
නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් ලෙස ගලා යන්නට සලස්වා එමඟින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හටගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසුව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන් ම එහි ප්‍රබුද්ධිමත් උදවියට උපදෙසක් ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:22
أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِۦ ۚ فَوَيْلٌ لِّلْقَـٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ فِى ضَلَـٰلٍ مُّبِينٍ 22
අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේ ද සැබැවින් ම ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත සිටින්නේ ය. අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් දුරස් වූ බැවින් තම හදවත් රළුවූවන්ට විනාශය අත් වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:23
ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَـٰبًا مُّتَشَـٰبِهًا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ 23
නැවත නැවතත් ප්‍රකාශ වන; එකිනෙකට සමාන; ධර්මයක් ලෙස අලංකාර කතාව ඔහු පහළ කළේ ය. තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමඟින් කිළිපොළා යනු ඇත. පසුව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමඟින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:24
أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ وَقِيلَ لِلظَّـٰلِمِينَ ذُوقُوا۟ مَا كُنتُمْ تَكْسِبُونَ 24
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තමන්ව ආරක්ෂා කරගන්නා (සුරක්ෂිතව ස්වර්ගයට පිවිසෙන අයෙකුට සමාන වන්නේ) ද? “නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:25
كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ 25
ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එහෙයින් ඔවුන් නොදැන සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:26
فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ 26
එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වී ය. තවද මතු ලොව දඬුවම අතිමහත් ය. ඔවුහු දැන සිටියාහු නම්!
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:27
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ 27
තවද ජනයා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ඔවුනට ගෙන හැර දැක්වූයෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:28
قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ 28
ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස කිසිදු ඇදයක් නොමැති මෙම කුර්ආනය අරාබි භාෂාවෙන් වූවකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:29
ضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَآءُ مُتَشَـٰكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ 29
මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එක ම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක් වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන වේ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:30
إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ 30
නියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:31
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ 31
පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:32
۞ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدْقِ إِذْ جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًى لِّلْكَـٰفِرِينَ 32
අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නො වේ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:33
وَٱلَّذِى جَآءَ بِٱلصِّدْقِ وَصَدَّقَ بِهِۦٓ ۙ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ 33
තවද සත්‍යය රැගෙන ආ තැනැත්තා සහ එය තහවුරු කළ අය වනාහි, ඔවුහු මය බිය බැතිමතුන් වනුයේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:34
لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ 34
ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:35
لِيُكَفِّرَ ٱللَّهُ عَنْهُمْ أَسْوَأَ ٱلَّذِى عَمِلُوا۟ وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ 35
ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිස ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:36
أَلَيْسَ ٱللَّهُ بِكَافٍ عَبْدَهُۥ ۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ 36
අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයෙකු නො වේ ද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් නුඹව බියගන්වති. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:37
وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍ ذِى ٱنتِقَامٍ 37
තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නො වනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නො වේ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:38
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلْ أَفَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ إِنْ أَرَادَنِىَ ٱللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَـٰشِفَـٰتُ ضُرِّهِۦٓ أَوْ أَرَادَنِى بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَـٰتُ رَحْمَتِهِۦ ۚ قُلْ حَسْبِىَ ٱللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ ٱلْمُتَوَكِّلُونَ 38
තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (අහෝ නබිවරය!) “අල්ලාහ් හැර දමා නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහු ද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත් ද? යැයි විමසනු. (නබිවරය!) “අල්ලාහ් මාහට ප්‍රමාණවත් ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:39
قُلْ يَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ 39
මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:40
مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ 40
තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද, ස්ථාවර දඬුවම කවුරුන් මත පහළ වන්නේ දැ? යි ද (නුඹලා මතු දැන ගනු ඇත.)
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:41
إِنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ لِلنَّاسِ بِٱلْحَقِّ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَلِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ 41
නියත වශයෙන් ම අපි සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය ජනයා සඳහා, නුඹ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමඟින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිවම ය. තවද නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවකු නො වේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:42
ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ 42
ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නො වූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ් ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේ ද එය ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. කල්පනා කර බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥා ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:43
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا۟ لَا يَمْلِكُونَ شَيْـًٔا وَلَا يَعْقِلُونَ 43
එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොරව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නො දරමින් බුද්ධිමත් නො වන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද?) “යැයි (නබිවරය!) නුඹ විමසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:44
قُل لِّلَّهِ ٱلشَّفَـٰعَةُ جَمِيعًا ۖ لَّهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ 44
“සියලු මැදිහත්වීම් අල්ලාහ් සතු ය. අහස් හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:45
وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحْدَهُ ٱشْمَأَزَّتْ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ ۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ 45
තවද අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නො කරන්නන්ගේ හදවත් හැකිලී යයි. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට, එවිට ඔවුහු සතුටු වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:46
قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ عَـٰلِمَ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِى مَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ 46
අදෘශ්‍යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:47
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا۟ مَا فِى ٱلْأَرْضِ جَمِيعًا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦ مِن سُوٓءِ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمْ يَكُونُوا۟ يَحْتَسِبُونَ 47
තවද අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමඟ ම ඒ හා සමානව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් එය දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නො කරමින් සිටි දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:48
وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ 48
තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:49
فَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَـٰهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍۭ ۚ بَلْ هِىَ فِتْنَةٌ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ 49
මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසුව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන් ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත, එය පරීක්ෂණයකි. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:50
قَدْ قَالَهَا ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ 50
සැබැවින් ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:51
فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ ۚ وَٱلَّذِينَ ظَلَمُوا۟ مِنْ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَمَا هُم بِمُعْجِزِينَ 51
එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේ ය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නො වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:52
أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ 52
නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන් ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නො දන්නෝ ද? නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:53
۞ قُلْ يَـٰعِبَادِىَ ٱلَّذِينَ أَسْرَفُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ لَا تَقْنَطُوا۟ مِن رَّحْمَةِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يَغْفِرُ ٱلذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ 53
අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:54
وَأَنِيبُوٓا۟ إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا۟ لَهُۥ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ 54
තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:55
وَٱتَّبِعُوٓا۟ أَحْسَنَ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ بَغْتَةً وَأَنتُمْ لَا تَشْعُرُونَ 55
තවද නුඹලා නො හඟමින් සිටිය දී අනපේක්ෂිතව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:56
أَن تَقُولَ نَفْسٌ يَـٰحَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِى جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّـٰخِرِينَ 56
අල්ලාහ් සම්බන්ධයෙන් (මා ඉටු කළ යුතු වගකීම්) නො සලකා හැරීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන් ම මම සමච්චල් කරන්නන් අතරින් වූයෙමි යැයි කිසිදු ආත්මයක් පවසා සිටීමට පෙර ද,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:57
أَوْ تَقُولَ لَوْ أَنَّ ٱللَّهَ هَدَىٰنِى لَكُنتُ مِنَ ٱلْمُتَّقِينَ 57
එසේ නැතහොත් නියත වශයෙන් ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතරින් වන්නට තිබුණි යැයි පවසා සිටීමට පෙර ද,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:58
أَوْ تَقُولَ حِينَ تَرَى ٱلْعَذَابَ لَوْ أَنَّ لِى كَرَّةً فَأَكُونَ مِنَ ٱلْمُحْسِنِينَ 58
එසේ නැතහොත් දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතරින් වෙමි” යැයි පවසා සිටීමට පෙර ද (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:59
بَلَىٰ قَدْ جَآءَتْكَ ءَايَـٰتِى فَكَذَّبْتَ بِهَا وَٱسْتَكْبَرْتَ وَكُنتَ مِنَ ٱلْكَـٰفِرِينَ 59
“එසේ නො ව, සැබැවින් ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේ ය. එවිට නුඹ ඒවා බොරු කළෙහි ය. තවද නුඹ උඩඟු වූයෙහි ය. තවද නුඹ ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූයෙහි ය.”
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:60
وَيَوْمَ ٱلْقِيَـٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُوا۟ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ 60
තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නො වේ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:61
وَيُنَجِّى ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوْا۟ بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمْ يَحْزَنُونَ 61
තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. නපුර ඔවුන් ස්පර්ෂ නො කරනු ඇත. එමෙන් ම ඔවුහු දුකට පත් නො වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:62
ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ 62
අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:63
لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ 63
අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතු ය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහු මය පරාජිතයෝ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:64
قُلْ أَفَغَيْرَ ٱللَّهِ تَأْمُرُوٓنِّىٓ أَعْبُدُ أَيُّهَا ٱلْجَـٰهِلُونَ 64
“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නො වන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ?” යි (නබිවරය!) නුඹ විමසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:65
وَلَقَدْ أُوحِىَ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلْخَـٰسِرِينَ 65
“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:66
بَلِ ٱللَّهَ فَٱعْبُدْ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ 66
එසේ ය. නුඹ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද නුඹ ගුණගරුක අය අතරින් වනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:67
وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَٱلسَّمَـٰوَٰتُ مَطْوِيَّـٰتٌۢ بِيَمِينِهِۦ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ 67
තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:68
وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ 68
සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසුව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිමින් අවධානයෙන් බලා සිටිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:69
وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَـٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ 69
තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:70
وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ 70
තවද සෑම ආත්මයක් ම ඒවා සිදු කළ දෑට පූර්ණව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:71
وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ ءَايَـٰتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنْ حَقَّتْ كَلِمَةُ ٱلْعَذَابِ عَلَى ٱلْكَـٰفِرِينَ 71
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නො පැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නො කළේ දැ? යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දඬුවමේ ප්‍රකාශය නියම විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:72
قِيلَ ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ 72
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:73
وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَـٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَـٰلِدِينَ 73
තවද තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලාගේ කටයුතු යහපත් වී ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:74
وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى صَدَقَنَا وَعْدَهُۥ وَأَوْرَثَنَا ٱلْأَرْضَ نَتَبَوَّأُ مِنَ ٱلْجَنَّةِ حَيْثُ نَشَآءُ ۖ فَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ 74
තවද “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළොව අපට උරුමකර දුන් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුන් පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 39:75
وَتَرَى ٱلْمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنْ حَوْلِ ٱلْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَقِيلَ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ 75
තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
