Read Surah Fussilat (فصلت) in Sinhala — chapter 41 of the Quran, all 54 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 54 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    41:1

    حمٓ 1

    හා මීම්.[1]

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 41:2

    تَنزِيلٌ مِّنَ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ 2

    (මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 41:3

    كِتَـٰبٌ فُصِّلَتْ ءَايَـٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ 3

    දැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්‍රන්ථයකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 41:4

    بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ 4

    (එය) ශුභාරාංචි දැනුම් දෙන්නක් හා අවවාද කරන්නක් වශයෙනි. එහෙත් (දේවත්වය ප්‍රතික්ෂේප කරන) ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑවෝ ය. එමෙන් ම ඔවුහු සවන් නො දෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 41:5

    وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَٱعْمَلْ إِنَّنَا عَـٰمِلُونَ 5

    තවද ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් ආවරණයන් තුළ ය. තවද බිහිරි බව අපගේ කන් තුළ ය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන් ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පවසති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 41:6

    قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٰحِدٌ فَٱسْتَقِيمُوٓا۟ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ 6

    නියත වශයෙන් ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදි. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවරව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 41:7

    ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ 7

    ඔවුහු වනාහි zසකාත් (අනිවාර්ය බද්ධ) නො දෙති. තවද මතු ලොව පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 41:8

    إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ 8

    නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නො වන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 41:9

    ۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًا ۚ ذَٰلِكَ رَبُّ ٱلْعَـٰلَمِينَ 9

    දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහුව නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලා ඔහුට සමානයන් තබන්නෙහු ද? ලෝකයන්හි පරමාධිපති ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  10. 41:10

    وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَـٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ 10

    තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේ ය. තවද එහි සමෘද්ධිය ඇති කළේ ය. දින හතරක් තුළ පෝෂණ සම්පත් නිර්ණය කළේ ය. මෙය ඒ ගැන විමසන්නන්හට සරිලන පිළිතුරකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  11. 41:11

    ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ 11

    පසුව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබී ය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසී ය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  12. 41:12

    فَقَضَىٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ 12

    පසුව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේ ය. තවද සෑම අහසකට ම එහි න්‍යායය දන්වා සිටියේ ය. තවද පහළ අහස අපි පහන් මඟින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  13. 41:13

    فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَـٰعِقَةً مِّثْلَ صَـٰعِقَةِ عَادٍ وَثَمُودَ 13

    එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  14. 41:14

    إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ قَالُوا۟ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَـٰٓئِكَةً فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ 14

    “නුඹලා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නැමදුම් නො කරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද ධර්ම දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙත් නුඹලා කවර කරුණක් සමඟ එවනු ලැබුවෙහු ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  15. 41:15

    فَأَمَّا عَادٌ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا۟ بِـَٔايَـٰتِنَا يَجْحَدُونَ 15

    ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොරව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑවෝ ය. “අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන් දැ? යි” ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  16. 41:16

    فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِىٓ أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنصَرُونَ 16

    එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීය ය. තවද ඔවුහු උදව් කරනු නො ලබති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  17. 41:17

    وَأَمَّا ثَمُودُ فَهَدَيْنَـٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَـٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ 17

    තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. එහෙත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්‍රිය කළෝ ය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  18. 41:18

    وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ 18

    තවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදු කිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  19. 41:19

    وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ 19

    තවද අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා තබනු ලබති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  20. 41:20

    حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَـٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ 20

    ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ඔවුනට එරෙහිව සාක්ෂි දරනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  21. 41:21

    وَقَالُوا۟ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا ۖ قَالُوٓا۟ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ 21

    තවද “අපට එරෙහිව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?” යි ඔවුහු ඔවුන්ගේ හම්වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේ ය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහු ය. තවද ඔහු වෙත මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  22. 41:22

    وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَـٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَـٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ 22

    තවද නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහිව සාක්ෂි නො දරා සිටීමට (ඒවාට නො දැනෙන පරිදි) නුඹලා සැඟ වී සිටින්නන් නො වීය. එනමුත් නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නො දන්නේ යැයි නුඹලා සිතුවෙහු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  23. 41:23

    وَذَٰلِكُمْ ظَنُّكُمُ ٱلَّذِى ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَىٰكُمْ فَأَصْبَحْتُم مِّنَ ٱلْخَـٰسِرِينَ 23

    තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ල ය. එය නුඹලාව විනාශ කර දැමුවේ ය. එහෙයින් නුඹලා පරාජිතයින් අතරට පත් වූයෙහු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  24. 41:24

    فَإِن يَصْبِرُوا۟ فَٱلنَّارُ مَثْوًى لَّهُمْ ۖ وَإِن يَسْتَعْتِبُوا۟ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ 24

    එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතරින් ඔවුහු නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  25. 41:25

    ۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَيَّنُوا۟ لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَـٰسِرِينَ 25

    තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූවෝ ය. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතරින් ඉකුත්ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  26. 41:26

    وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ 26

    තවද “මෙම කුර්ආනයට සවන් නො දෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  27. 41:27

    فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ 27

    එහෙයින් සැබැවින් ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  28. 41:28

    ذَٰلِكَ جَزَآءُ أَعْدَآءِ ٱللَّهِ ٱلنَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ ٱلْخُلْدِ ۖ جَزَآءًۢ بِمَا كَانُوا۟ بِـَٔايَـٰتِنَا يَجْحَدُونَ 28

    එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්න ය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  29. 41:29

    وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ 29

    තවද “අපගේ පරමාධිපතියාණනි! ජින්වරුන් හා මිනිසුන්ගෙන් අපව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ දෙපා යටට ඔවුන්ව පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  30. 41:30

    إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَـٰمُوا۟ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةُ أَلَّا تَخَافُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَبْشِرُوا۟ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ 30

    “නියත වශයෙන් ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නො වනු. තවද දුක් නො වනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  31. 41:31

    نَحْنُ أَوْلِيَآؤُكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِىٓ أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ 31

    මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  32. 41:32

    نُزُلًا مِّنْ غَفُورٍ رَّحِيمٍ 32

    එය අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  33. 41:33

    وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَـٰلِحًا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ 33

    තවද “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන් ම මම අවනත වන්නන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  34. 41:34

    وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُ ۚ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٰوَةٌ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌ 34

    තවද යහපත හා අයහපත සමාන නො වෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  35. 41:35

    وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ 35

    තවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නො ලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නො ලැබේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  36. 41:36

    وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَـٰنِ نَزْغٌ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ 36

    තවද ෂෙයිතාන්ගෙන් වූ යම් පොළඹවීමක් ඔබව පොළඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  37. 41:37

    وَمِنْ ءَايَـٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ ۚ لَا تَسْجُدُوا۟ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ 37

    තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නො කරනු. තවද නුඹලා ඔහුට (අල්ලාහ්ට) පමණක් නැමදුම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  38. 41:38

    فَإِنِ ٱسْتَكْبَرُوا۟ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُمْ لَا يَسْـَٔمُونَ ۩ 38

    එහෙත් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු!) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  39. 41:39

    وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَـٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ ۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ 39

    තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන් ම ඒවාට ජීවය දුන් අය මළවුන්ට ද ජීවය දෙන්නාම ය. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  40. 41:40

    إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَـٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآ ۗ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًا يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ ٱعْمَلُوا۟ مَا شِئْتُمْ ۖ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ 40

    නියත වශයෙන් ම අපගේ වදන්වල විකෘති කරන්නන් අප වෙතින් සැඟව යන්නන් නො වෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  41. 41:41

    إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْ ۖ وَإِنَّهُۥ لَكِتَـٰبٌ عَزِيزٌ 41

    නියත වශයෙන් ම ඔවුන් වෙත අනුශාසනාව පැමිණි කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් ද (මතු ලොවෙහි දඬුවම් කරනු ලබන්නෝ වෙති.) තවද නියත වශයෙන් ම එය අතිබලගතු ග්‍රන්ථයකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  42. 41:42

    لَّا يَأْتِيهِ ٱلْبَـٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦ ۖ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ 42

    එය (අනුශාසනා සහිත ග්‍රන්ථය)ට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  43. 41:43

    مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ 43

    නුඹට පෙර සිටි ධර්ම දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නො ලැබෙයි. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති සමාව දෙන්නා ය. වේදනීය දඬුවම දෙන්නා ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  44. 41:44

    وَلَوْ جَعَلْنَـٰهُ قُرْءَانًا أَعْجَمِيًّا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَـٰتُهُۥٓ ۖ ءَا۬عْجَمِىٌّ وَعَرَبِىٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُوا۟ هُدًى وَشِفَآءٌ ۖ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُو۟لَـٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍۭ بَعِيدٍ 44

    තවද එය අරාබි නො වන (පිටස්තර භාෂාවෙන් යුත්) කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නො වේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටිය දී එය අරාබි නො වන්නක් ද? යැයි ඔවුහු විමසනු ඇත. “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුවයකි. තවද විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරි භාවය ඇත. එමෙන් ම එය (කුර්ආනය) ඔවුන් වෙත අන්ධ භාවයක් මෙන් පෙනේ. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහු ම ය.”යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  45. 41:45

    وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ 45

    තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නො වී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ (කුර්ආනය) ගැන කුතුහලයක් ඇති කරන සැකයෙහි සිටින්නන් වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  46. 41:46

    مَّنْ عَمِلَ صَـٰلِحًا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ 46

    කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නපුරක් කළේ ද එය ඔහුට එරෙහිව ම ය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  47. 41:47

    ۞ إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَٰتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓا۟ ءَاذَنَّـٰكَ مَا مِنَّا مِن شَهِيدٍ 47

    අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙත ම ය. ඔහුගේ දැනුමෙන් තොරව පලතුරු කිසිවක් එහි කෝෂවලින් පිට නො වෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නො ගනියි. එමෙන් ම ඇය ප්‍රසූත නො කරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ? යි” එදින අල්ලාහ් ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  48. 41:48

    وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَدْعُونَ مِن قَبْلُ ۖ وَظَنُّوا۟ مَا لَهُم مِّن مَّحِيصٍ 48

    තවද මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යනු ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  49. 41:49

    لَّا يَسْـَٔمُ ٱلْإِنسَـٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٌ قَنُوطٌ 49

    යහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නො වෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  50. 41:50

    وَلَئِنْ أَذَقْنَـٰهُ رَحْمَةً مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَـٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِمَا عَمِلُوا۟ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ 50

    තවද ඔහුට වැළඳුණු පීඩිත තත්ත්වයෙන් පසුව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේ ය. අවසන් හෝරාව සිදු වන්නක් බව මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන් ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන් ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  51. 41:51

    وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍ 51

    තවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ලෙස ප්‍රාර්ථනා කරන අයෙකු වෙයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  52. 41:52

    قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقٍۭ بَعِيدٍ 52

    “එය (අල් කුර්ආනය) අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කළෙහු නම්, අන්ත භේදවල සිටින අයෙකුට වඩා නොමග ගියවුන් කවුරුන් දැ”යි නුඹලා මට දන්වා සිටිනු යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  53. 41:53

    سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْـَٔافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ 53

    නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න නුඹේ පරමාධිපති ප්‍රමාණවත් නො වී ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  54. 41:54

    أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍ مِّن لِّقَآءِ رَبِّهِمْ ۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ مُّحِيطٌۢ 54

    (නබිවරය!) දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ සැකයෙහි ය. දැන ගනු! නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK