Read Surah Az-Zukhruf (الزخرف) in Sinhala — chapter 43 of the Quran, all 89 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 89 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    43:1

    حمٓ 1

    හා මීම්.[1]

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 43:2

    وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ 2

    පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 43:3

    إِنَّا جَعَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ 3

    නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන් ම අපි එය පත් කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 43:4

    وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ 4

    තවද නියත වශයෙන් ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 43:5

    أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ 5

    නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 43:6

    وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّ فِى ٱلْأَوَّلِينَ 6

    තවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 43:7

    وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ 7

    තවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 43:8

    فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ 8

    අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත්ව ගොස් ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 43:9

    وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ 9

    තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන් දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින් ම ඔවුන් පවසනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  10. 43:10

    ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ 10

    ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  11. 43:11

    وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ 11

    තවද ඔහු වනාහි අහසින් ජලය සීමා කරමින් පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමඟින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  12. 43:12

    وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَـٰمِ مَا تَرْكَبُونَ 12

    තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේ ය. තවද නැව් හා ගොවිපළ සතුන් අතරින් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  13. 43:13

    لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَـٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَـٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ 13

    එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසුව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් තවද නුඹලා මෙසේ පවසනු පිණිසත් ය; ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධ ය. තවද අපි එයට හැකියාවන්තයින් ලෙස නො සිටියෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  14. 43:14

    وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ 14

    තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  15. 43:15

    وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌ مُّبِينٌ 15

    එහෙත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝ ය. නියත වශයෙන් ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  16. 43:16

    أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ 16

    එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු ගැහැනු දරුවන් ගෙන නුඹලාට ඔහු පිරිමි දරුවන් තෝරා දුන්නේ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  17. 43:17

    وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَـٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ 17

    තවද මහා කරුණාන්විතයාණන්හට උදාහරණ ලෙස ගෙන හැර දැක් වූ දෑ (ගැහැනු දරුවන්) පිළිබඳව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත්ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  18. 43:18

    أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍ 18

    පැහැදිලිව කතා නො කරන ආභරණයන්ගෙන් වඩවනු ලැබූ අයව ද? (ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ආදේශ කරනුයේ?)

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  19. 43:19

    وَجَعَلُوا۟ ٱلْمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَـٰدُ ٱلرَّحْمَـٰنِ إِنَـٰثًا ۚ أَشَهِدُوا۟ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَـٰدَتُهُمْ وَيُسْـَٔلُونَ 19

    තවද මලක්වරුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී ඔවුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු සහභාගි වී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලබනු ඇත. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  20. 43:20

    وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَـٰنُ مَا عَبَدْنَـٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ 20

    තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නො කරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  21. 43:21

    أَمْ ءَاتَيْنَـٰهُمْ كِتَـٰبًا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ 21

    එසේ නැතහොත් මීට පෙර ධර්ම ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  22. 43:22

    بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّهْتَدُونَ 22

    එසේ නො ව, “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  23. 43:23

    وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ 23

    තවද එසේ නුඹට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කළවුන් “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදු වූයේ) නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  24. 43:24

    ۞ قَـٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ 24

    කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නො ගෙනාවෙමි දැ? යි ඔහු විමසී ය. එයට “කවර දෙයක් සමඟ නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  25. 43:25

    فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ 25

    එවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අධීක්ෂණයෙන් බලනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  26. 43:26

    وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌ مِّمَّا تَعْبُدُونَ 26

    තවද “නියත වශයෙන් ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  27. 43:27

    إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ 27

    එහෙත් මා මැවූ අය හැර. නියත වශයෙන් ම ඔහු මට මග පෙන්වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  28. 43:28

    وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةً فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ 28

    තවද ඔහුගෙන් පසු පැවත එන්නන් අතර එය පවතින ප්‍රකාශයක් බවට පත් කළේ ය. එය ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  29. 43:29

    بَلْ مَتَّعْتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌ مُّبِينٌ 29

    එහෙත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි ධර්ම දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  30. 43:30

    وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَـٰذَا سِحْرٌ وَإِنَّا بِهِۦ كَـٰفِرُونَ 30

    තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  31. 43:31

    وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَـٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ 31

    තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නො වේ ද?” යැයි ඔවුහු පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  32. 43:32

    أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَـٰتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ 32

    ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අප ය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම්වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  33. 43:33

    وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ 33

    තවද ජනයා එක ම සමූහයක් නො වන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද අපි ඇති කරන්නට තිබුණි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  34. 43:34

    وَلِبُيُوتِهِمْ أَبْوَٰبًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ 34

    තවද ඔවුන්ගේ නිවෙස් දොරටුවලින් ද ඔවුන් ඒ මත හාන්සිව සිටින කවිච්චිවලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  35. 43:35

    وَزُخْرُفًا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْـَٔاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ 35

    තවද විසිතුරු භාණ්ඩ වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද නුඹේ පරමාධිපති අබියස මතු ලොව (සමෘද්ධිය) බිය බැතිමතුන්හට ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  36. 43:36

    وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَـٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَـٰنًا فَهُوَ لَهُۥ قَرِينٌ 36

    තවද මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවෙකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  37. 43:37

    وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ 37

    තවද නියත වශයෙන් ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන් ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  38. 43:38

    حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ 38

    ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නො වේ ද?’ යැයි ඔහු පවසයි. එසේ එම සමීප මිතුරා නපුරු විය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  39. 43:39

    وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ 39

    තවද නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. නියත වශයෙන් ම නුඹලා දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  40. 43:40

    أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَـٰلٍ مُّبِينٍ 40

    නුඹ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට නුඹ මග පෙන්වන්නෙහි ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  41. 43:41

    فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ 41

    එහෙයින් (නබිවරය!) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින් ම අපි ඔවුනට ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  42. 43:42

    أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَـٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ 42

    එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි නුඹට පෙන්වන්නෙමු. සැබැවින් ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  43. 43:43

    فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ 43

    එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  44. 43:44

    وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ 44

    තවද නියත වශයෙන් ම මෙය නුඹට හා නුඹේ සමූහයාට අනුශාසනාවකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  45. 43:45

    وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَـٰنِ ءَالِهَةً يُعْبَدُونَ 45

    මහා කරුණාන්විතයාණන් හැර දමා ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැ? යි නුඹට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් නුඹ විමසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  46. 43:46

    وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ 46

    ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින් ම අපි අපගේ සාධක සමඟ මූසාව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන් ම මම ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයා වෙමි” යැයි පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  47. 43:47

    فَلَمَّا جَآءَهُم بِـَٔايَـٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ 47

    එසේ අපගේ සාධක සමඟ ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  48. 43:48

    وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَـٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ 48

    අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එයට පෙර පැවති දෑට වඩා විශාල දෙයක් මිස එය නො වීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  49. 43:49

    وَقَالُوا۟ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ 49

    තවද “අහෝ මායාකරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන් ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  50. 43:50

    فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ 50

    ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුහු (දිවුරුම) කඩ කරති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  51. 43:51

    وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَـٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَـٰذِهِ ٱلْأَنْهَـٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ 51

    තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නො වේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නො දකින්නෙහු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  52. 43:52

    أَمْ أَنَا۠ خَيْرٌ مِّنْ هَـٰذَا ٱلَّذِى هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ 52

    එසේ නැතහොත් පැහැදිලිව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නො වේ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  53. 43:53

    فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَـٰٓئِكَةُ مُقْتَرِنِينَ 53

    එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නො වේ ද? එසේ නැතහොත් ඔහු සමඟ පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  54. 43:54

    فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ 54

    එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේ ය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූවෝ ය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූවෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  55. 43:55

    فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ 55

    ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  56. 43:56

    فَجَعَلْنَـٰهُمْ سَلَفًا وَمَثَلًا لِّلْـَٔاخِرِينَ 56

    එවිට ඉකුත්ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උදාහරණයක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  57. 43:57

    ۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ 57

    තවද මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට නුඹේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  58. 43:58

    وَقَالُوٓا۟ ءَأَـٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ 58

    තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසුවෝ ය. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නො කළෝ ය. එසේ ය. ඔවුහු තර්ක කරන පිරිසක් වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  59. 43:59

    إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَـٰهُ مَثَلًا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ 59

    අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  60. 43:60

    وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَـٰٓئِكَةً فِى ٱلْأَرْضِ يَخْلُفُونَ 60

    තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  61. 43:61

    وَإِنَّهُۥ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ 61

    තවද නියත වශයෙන් ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නො කරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  62. 43:62

    وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَـٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ 62

    තවද ෂෙයිතාන් නුඹලාට බාධා නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  63. 43:63

    وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَـٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ 63

    ඊසා පැහැදිලි සාධක සමඟ පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමඟ ද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස ද පැමිණ ඇත්තෙමි. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  64. 43:64

    إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ 64

    “නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  65. 43:65

    فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ 65

    එවිට ඔවුන් අතරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝ ය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශය අත් වේවා!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  66. 43:66

    هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ 66

    ඔවුන් නො හගමින් සිටිය දී අනපේක්ෂිතව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණීම හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  67. 43:67

    ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ 67

    මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. එහෙත් දේව බිය බැතිමතුන් හැර.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  68. 43:68

    يَـٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ 68

    අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නො වන්නෙහු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  69. 43:69

    ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَـٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ 69

    ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  70. 43:70

    ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ 70

    නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  71. 43:71

    يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَـٰلِدُونَ 71

    රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පින වන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  72. 43:72

    وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ 72

    නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  73. 43:73

    لَكُمْ فِيهَا فَـٰكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ 73

    නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  74. 43:74

    إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَـٰلِدُونَ 74

    නියත වශයෙන් ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  75. 43:75

    لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ 75

    ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නො ලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  76. 43:76

    وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُوا۟ هُمُ ٱلظَّـٰلِمِينَ 76

    තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  77. 43:77

    وَنَادَوْا۟ يَـٰمَـٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ 77

    තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  78. 43:78

    لَقَدْ جِئْنَـٰكُم بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَـٰرِهُونَ 78

    සැබැවින් ම අපි සත්‍යය සමඟ නුඹලා වෙත පැමිණියෙමු. එහෙත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  79. 43:79

    أَمْ أَبْرَمُوٓا۟ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ 79

    එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන් ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  80. 43:80

    أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ 80

    ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡාවලට සැබැවින් ම අප සවන් නො දෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  81. 43:81

    قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ ٱلْعَـٰبِدِينَ 81

    “මහා කරුණාන්විතයාණන්හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  82. 43:82

    سُبْحَـٰنَ رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ 82

    අහස්හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන් ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  83. 43:83

    فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ 83

    එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමු වන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  84. 43:84

    وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَـٰهٌ وَفِى ٱلْأَرْضِ إِلَـٰهٌ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ 84

    තවද ඔහු වනාහි අහස්හි දෙවිඳා ය. මහපොළොවෙහි ද දෙවිඳා ය. තවද මහා ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  85. 43:85

    وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ 85

    තවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අතිඋත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙත ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  86. 43:86

    وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَـٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ 86

    තවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  87. 43:87

    وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ 87

    තවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  88. 43:88

    وَقِيلِهِۦ يَـٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ 88

    තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මොවුහු විශ්වාස නො කරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශය ද (අල්ලාහ් දනී).

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  89. 43:89

    فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَـٰمٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ 89

    එහෙයින් ඔබ ඔවුන් නො සළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK