Surah 32
السجدة
As-Sajdah — Sinhala Translation
The Prostration
Read Surah As-Sajdah (السجدة) in Sinhala — chapter 32 of the Quran, all 30 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
32:1الٓمٓ 1
අලිෆ්, ලාම්, මීම්.[1]
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:2
تَنزِيلُ ٱلْكِتَـٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَـٰلَمِينَ 2
මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:3
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۚ بَلْ هُوَ ٱلْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ 3
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිසත් ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිසත් ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:4
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِىٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ 4
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ් ය. පසුව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නො වේ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:5
يُدَبِّرُ ٱلْأَمْرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥٓ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ 5
අහසේ සිට මහපොළොව දක්වා වූ සියලු ම කරුණු ඔහු සැලසුම් කරයි. පසුව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය ආරෝහණය වෙයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:6
ذَٰلِكَ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ 6
ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:7
ٱلَّذِىٓ أَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُۥ ۖ وَبَدَأَ خَلْقَ ٱلْإِنسَـٰنِ مِن طِينٍ 7
ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේ ය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:8
ثُمَّ جَعَلَ نَسْلَهُۥ مِن سُلَـٰلَةٍ مِّن مَّآءٍ مَّهِينٍ 8
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:9
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦ ۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ 9
පසුව ඔහු ඔහුව හැඩ ගන්වා ඔහුගේ ප්‍රාණයෙන් ඔහු තුළ පිඹ ප්‍රාණවත් කළේ ය. තවද නුඹලාට ශ්‍රවණය, දෘෂ්ටීන් හා හදවත් ඇති කළේ ය. එහෙත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:10
وَقَالُوٓا۟ أَءِذَا ضَلَلْنَا فِى ٱلْأَرْضِ أَءِنَّا لَفِى خَلْقٍ جَدِيدٍۭ ۚ بَلْ هُم بِلِقَآءِ رَبِّهِمْ كَـٰفِرُونَ 10
තවද අපි මහපොළොවෙන් තුරන්ව ගිය විට නියත වශයෙන් ම අපි අලුත් මැවීමක් වන්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝ ය. එසේ නො ව, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:11
۞ قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ 11
නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:12
وَلَوْ تَرَىٰٓ إِذِ ٱلْمُجْرِمُونَ نَاكِسُوا۟ رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَآ أَبْصَرْنَا وَسَمِعْنَا فَٱرْجِعْنَا نَعْمَلْ صَـٰلِحًا إِنَّا مُوقِنُونَ 12
එවිට වැරදිකරුවන් තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි! අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අපව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන් ම අපි ස්ථීරව විශ්වාස කරන්නෝ වෙමු යැයි ඔවුන් පවසනු නුඹ දක්නිනේ නම් (එදින තත්ත්වය නුඹට හෙළි වේ.)
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:13
وَلَوْ شِئْنَا لَـَٔاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَـٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ 13
තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. එහෙත් (අපරාධකාරී) ජින් වර්ගයා සහ මිනිස් වර්ගයා යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:14
فَذُوقُوا۟ بِمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَآ إِنَّا نَسِينَـٰكُمْ ۖ وَذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ 14
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමුව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන් ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:15
إِنَّمَا يُؤْمِنُ بِـَٔايَـٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدًا وَسَبَّحُوا۟ بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩ 15
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඬගු නො වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:16
تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ ٱلْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ 16
ඔවුන්ගේ ඇලපත් නිදියහන්වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:17
فَلَا تَعْلَمُ نَفْسٌ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ 17
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පින වන දෑ කිසිදු ආත්මයක් නො දනී.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:18
أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا ۚ لَّا يَسْتَوُۥنَ 18
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නො වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:19
أَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ جَنَّـٰتُ ٱلْمَأْوَىٰ نُزُلًۢا بِمَا كَانُوا۟ يَعْمَلُونَ 19
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට සංග්‍රහයක් වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:20
وَأَمَّا ٱلَّذِينَ فَسَقُوا۟ فَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَآ أُعِيدُوا۟ فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ 20
තවද පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. තවද නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:21
وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلْعَذَابِ ٱلْأَدْنَىٰ دُونَ ٱلْعَذَابِ ٱلْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ 21
තවද (පාපකම්වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:22
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَـٰتِ رَبِّهِۦ ثُمَّ أَعْرَضَ عَنْهَآ ۚ إِنَّا مِنَ ٱلْمُجْرِمِينَ مُنتَقِمُونَ 22
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසුව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:23
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَلَا تَكُن فِى مِرْيَةٍ مِّن لِّقَآئِهِۦ ۖ وَجَعَلْنَـٰهُ هُدًى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ 23
තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳව සැකයෙහි නො වනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:24
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا۟ ۖ وَكَانُوا۟ بِـَٔايَـٰتِنَا يُوقِنُونَ 24
තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:25
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ 25
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන් ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:26
أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَـٰكِنِهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ ۖ أَفَلَا يَسْمَعُونَ 26
තවද ඔවුනට පෙර, පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන හරහා ගමන් කරති. එය ඔවුනට මගපෙන්වීමක් නො වී ද? නියත වශයෙන් ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නො දෙන්නෝ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:27
أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَسُوقُ ٱلْمَآءَ إِلَى ٱلْأَرْضِ ٱلْجُرُزِ فَنُخْرِجُ بِهِۦ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَـٰمُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ 27
තවද නියත වශයෙන් ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමඟින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග අප හටගැන්වීම ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නො බලන්නෝ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:28
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْفَتْحُ إِن كُنتُمْ صَـٰدِقِينَ 28
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදා දැ? යි (නුඹලා පවසනු යැයි) ඔවුහු විමසති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:29
قُلْ يَوْمَ ٱلْفَتْحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِيمَـٰنُهُمْ وَلَا هُمْ يُنظَرُونَ 29
ජයග්‍රහණයේ දින, දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති යැයි (නබිවරය!) නුඹ පවසනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 32:30
فَأَعْرِضْ عَنْهُمْ وَٱنتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ 30
එහෙයින් ඔබ ඔවුන් ගැන නො සලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
