Surah 58
المجادلة
Al-Mujadila — Sinhala Translation
The Pleading Woman
Read Surah Al-Mujadila (المجادلة) in Sinhala — chapter 58 of the Quran, all 22 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Madinah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
58:1قَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّتِى تُجَـٰدِلُكَ فِى زَوْجِهَا وَتَشْتَكِىٓ إِلَى ٱللَّهِ وَٱللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَآ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ 1
ඇගේ ස්වාමි පුරුෂයා විෂයයෙහි නුඹ සමඟ වාද කොට අල්ලාහ් වෙත පැමිණිලි කළ තැනැත්තියගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ කතාවට ද සවන් දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:2
ٱلَّذِينَ يُظَـٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَـٰتِهِمْ ۖ إِنْ أُمَّهَـٰتُهُمْ إِلَّا ٱلَّـٰٓـِٔى وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنكَرًا مِّنَ ٱلْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ 2
නුඹලා අතරින් තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසන්නන්හට ඔවුහු මොවුන්ගේ මව්වරුන් නො වෙති. මොවුන්ගේ මව්වරු වනුයේ මොවුන්ව ප්‍රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන් ම මොවුහු පිළිකුල් සහගත ප්‍රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන් ම අල්ලාහ් නො සලකා හරින්නා ය; අතික්ෂමාශීලී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:3
وَٱلَّذِينَ يُظَـٰهِرُونَ مِن نِّسَآئِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا۟ فَتَحْرِيرُ رَقَبَةٍ مِّن قَبْلِ أَن يَتَمَآسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِۦ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ 3
තවද තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසා පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතුව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවා ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:4
فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَآسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ وَتِلْكَ حُدُودُ ٱللَّهِ ۗ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ أَلِيمٌ 4
එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නො ලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුව ඇත. එයට ඔහු ශක්තිය නො දැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු පිණිස ය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:5
إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥ كُبِتُوا۟ كَمَا كُبِتَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَقَدْ أَنزَلْنَآ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ ۚ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ مُّهِينٌ 5
නියත වශයෙන් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය)ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන් ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝ ය. තවද සැබැවින් ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:6
يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ ۚ أَحْصَىٰهُ ٱللَّهُ وَنَسُوهُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ 6
එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. එහෙත් ඔවුහු එය අමතක කළෝ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:7
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَـٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَآ أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا۟ ۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ 7
නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නො වනු ඇත. එමෙන් ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමඟ මිස නැත. පසුව ඔවුන් සිදු කළ දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:8
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نُهُوا۟ عَنِ ٱلنَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا۟ عَنْهُ وَيَتَنَـٰجَوْنَ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَإِذَا جَآءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِىٓ أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ ٱلْمَصِيرُ 8
රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නො දුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නො පැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නො කරනුයේ මන් දැ? යි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත් ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:9
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا تَنَـٰجَيْتُمْ فَلَا تَتَنَـٰجَوْا۟ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَتَنَـٰجَوْا۟ بِٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ 9
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රහස් සාකච්ඡා කළ විට පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා සාකච්ඡා නො කරනු. එහෙත් යහපත හා බැතිමත් භාවය සඳහා සාකච්ඡා කරනු. තවද නුඹලා ඔහු වෙත රැස් කරනු ලබන අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:10
إِنَّمَا ٱلنَّجْوَىٰ مِنَ ٱلشَّيْطَـٰنِ لِيَحْزُنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيْسَ بِضَآرِّهِمْ شَيْـًٔا إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ 10
නියත වශයෙන් ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:11
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا۟ فِى ٱلْمَجَـٰلِسِ فَٱفْسَحُوا۟ يَفْسَحِ ٱللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ ٱنشُزُوا۟ فَٱنشُزُوا۟ يَرْفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ دَرَجَـٰتٍ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ 11
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:12
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَـٰجَيْتُمُ ٱلرَّسُولَ فَقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ 12
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රසූල්වරයා සමඟ පෞද්ගලික කතාවක නිරත වන්නේ නම් නුඹලාගේ පෞද්ගලික කතාවට පෙර දානයක් ඉදිරිපත් කරනු. එය නුඹලාට යහපතකි. තවද වඩාත් පිවිතුරු ය. එසේ නුඹලා (හැකියාව) නො ලැබුවේ නම් (එය පවක් නො වේ.) එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:13
ءَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَـٰتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا۟ وَتَابَ ٱللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ 13
(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නො කළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:14
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِم مَّا هُم مِّنكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى ٱلْكَذِبِ وَهُمْ يَعْلَمُونَ 14
අල්ලාහ් ඔවුන් වෙත කෝප වූ පිරිසක් තම මිතුරන් ලෙස ගත් අය නුඹ නො දුටුවෙහි ද? ඔවුහු නුඹලාගෙන් නො වෙති. එමෙන් ම ඔවුන්ගෙන් ද නො වෙති. ඔවුහු දැන දැනම ව්‍යාජත්වය මත දිවුරා සිටිති.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:15
أَعَدَّ ٱللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ 15
අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:16
ٱتَّخَذُوٓا۟ أَيْمَـٰنَهُمْ جُنَّةً فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ فَلَهُمْ عَذَابٌ مُّهِينٌ 16
ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝ ය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:17
لَّن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ 17
ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නො වන්නේ ම ය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:18
يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُۥ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَىْءٍ ۚ أَلَآ إِنَّهُمْ هُمُ ٱلْكَـٰذِبُونَ 18
අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටු වන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන් ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:19
ٱسْتَحْوَذَ عَلَيْهِمُ ٱلشَّيْطَـٰنُ فَأَنسَىٰهُمْ ذِكْرَ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ حِزْبُ ٱلشَّيْطَـٰنِ ۚ أَلَآ إِنَّ حِزْبَ ٱلشَّيْطَـٰنِ هُمُ ٱلْخَـٰسِرُونَ 19
ෂෙයිතාන් ඔවුන් පරදවා ඇත. එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔවුනට අමතක කර දැමී ය. ෂෙයිතාන්ගේ පිරිස ඔවුහු ම ය. දැන ගනු! නියත වශයෙන් ම ෂෙයිතාන්ගේ පිරිස වන ඔවුහු මය පරාජිතයෝ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:20
إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ أُو۟لَـٰٓئِكَ فِى ٱلْأَذَلِّينَ 20
නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් වනාහි ඔවුහු නින්දිතයින් අතර ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:21
كَتَبَ ٱللَّهُ لَأَغْلِبَنَّ أَنَا۠ وَرُسُلِىٓ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ 21
සැබැවින් ම මම අබිබවා යමි. මාගේ දූතයාණන් ද (එලෙසය) යැයි අල්ලාහ් නියම කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් බලසම්පන්න ය; සර්ව බලධාරී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 58:22
لَّا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ يُوَآدُّونَ مَنْ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوْ كَانُوٓا۟ ءَابَآءَهُمْ أَوْ أَبْنَآءَهُمْ أَوْ إِخْوَٰنَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُو۟لَـٰٓئِكَ كَتَبَ فِى قُلُوبِهِمُ ٱلْإِيمَـٰنَ وَأَيَّدَهُم بِرُوحٍ مِّنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ رَضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ أُو۟لَـٰٓئِكَ حِزْبُ ٱللَّهِ ۚ أَلَآ إِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْمُفْلِحُونَ 22
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
