Surah 64
التغابن
At-Taghabun — Sinhala Translation
The Mutual Disillusion
Read Surah At-Taghabun (التغابن) in Sinhala — chapter 64 of the Quran, all 18 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Madinah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
64:1يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ 1
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතු ය. තවද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:2
هُوَ ٱلَّذِى خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌ وَمِنكُم مُّؤْمِنٌ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ 2
ඔහු වනාහි නුඹලා මැව්වේ ය. තවද නුඹලා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කරන අය ද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කරන අය ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂක ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:3
خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ 3
ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද ඔහු නුඹලා හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේ ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:4
يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ 4
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳව සර්වඥානී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:5
أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ فَذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ 5
මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නො පැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝ ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:6
ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَقَالُوٓا۟ أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا۟ وَتَوَلَّوا۟ ۚ وَّٱسْتَغْنَى ٱللَّهُ ۚ وَٱللَّهُ غَنِىٌّ حَمِيدٌ 6
එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රසංශාලාභී ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:7
زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن لَّن يُبْعَثُوا۟ ۚ قُلْ بَلَىٰ وَرَبِّى لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ 7
තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නො ලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේ ම සිතුවෝ ය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන් ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසුව නුඹලා සිදු කළ දෑ පිළිබඳව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:8
فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِىٓ أَنزَلْنَا ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ 8
එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳව ද අපි පහළ කළ ආලෝකය පිළිබඳව ද විශ්වාස කරනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:9
يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ ٱلتَّغَابُنِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَـٰلِحًا يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُدْخِلْهُ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ 9
එදින ඔහු එක් රැස් කරන දිනය සඳහා නුඹලාව එක් රැස් කරනු ඇත. එය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන් ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:10
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ خَـٰلِدِينَ فِيهَا ۖ وَبِئْسَ ٱلْمَصِيرُ 10
තවද අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහු ය. එහි ඔවුන් සදාතනිකයින් ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:11
مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ يَهْدِ قَلْبَهُۥ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ 11
අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිදු ආපදාවක් සිදු නො වේ. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද ඔහුගේ හදවතට ඔහු(අල්ලාහ්) මග පෙන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:12
وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ 12
තවද නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද අවනත වනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අපගේ ධර්ම දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලිව ප්‍රචාරය කිරීම පමණ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:13
ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ 13
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද විශ්වාසවන්තයෝ අල්ලාහ් වෙත ම (සියල්ල) භාර කරත්වා.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:14
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ مِنْ أَزْوَٰجِكُمْ وَأَوْلَـٰدِكُمْ عَدُوًّا لَّكُمْ فَٱحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا۟ وَتَصْفَحُوا۟ وَتَغْفِرُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ 14
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නියත වශයෙන් ම නුඹලාගේ බිරියන්ගෙන් ද නුඹලාගේ දරුවන්ගෙන් ද නුඹලාට සතුරන් වෙති. එහෙයින් නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. තවද නුඹලා නො සලකා හැර ගණන් නො ගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:15
إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَـٰدُكُمْ فِتْنَةٌ ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ 15
නියත වශයෙන් ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:16
فَٱتَّقُوا۟ ٱللَّهَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُوا۟ وَأَطِيعُوا۟ وَأَنفِقُوا۟ خَيْرًا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ 16
එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු. තවද නුඹලා වියදම් කරනු. එය නුඹලාට යහපතකි. තවද කවරෙකු තම මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:17
إِن تُقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا يُضَـٰعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ 17
නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් දුන්නෙහු නම් ඔහු එය නුඹලාට ගුණ කර දෙයි. තවද නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් ගුණ ගරුක ය; ඉවසිලිවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 64:18
عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ 18
(ඔහු) අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳව සර්ව ඥානී ය. සර්ව බලධාරී ය. මහා ප්‍රඥාවන්ත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
